‘එළවළු මිල ඉහළයාම ලබන මස අවසන් වනතුරු පවතිනවා’



 
 
නාලක සංජීව දහනායක
 
පවතින අධික වර්ෂාව හේතුවෙන් එළවළු මිළ ඉහළ යෑම ලබන මස අවසන් වනතුරු පවතිනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (26) පැවැසීය.


දැනට සති හතරක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් උඩරට හා පහත රට එළවළු වගා බිම්වලට දැඩි හානි සිදුව ඇතැයි කී අමාත්‍යවරයා මේ හේතුවෙන් දඹුල්ල ඇතුළු ආර්ථික මධ්‍යස්ථානවලට ලැබෙන එළවළු තොග අඩුවී තිබෙන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තු, අමාත්‍යංශයට දැනුම් දී තිබේ. 


මේ හේතුවෙන් සෑම එළවළුවකම මිල පෙර පැවැති මිළට වඩා ඉහළ ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.