(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ තේ පර්යේෂණායතනය හා ඊට සම්බන්ධ සෙන්කුම්බුස් වත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් 47 හඳුනාගත් බව ළිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
පී. සී. ආර්. හා ක්ණික ප්‍රතිදේහ පරීක්ෂණ 75 ක් අතරින් මෙම ආසාදිතයන් 47 දෙනා හඳුනාගත් බව ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පැවැසීය.
මෙම කොවිඩ් ආසාදිතයන් අතර තලවකැලේ තේ පර්යේෂණායතනයේ සේවකයන් විශාල පිරිසක්ද සිටින බවත් තව දුරටත් ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා පී. සී. ආර්. පරීක්ෂණවලට යොමු කරමින් සිටින බවද ඒ මහතා කීය.
දැනට හඳුනාගෙන ඇති ආසාදිතයන්සි ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමටත් ආශ්‍රිතයන් සොයා ඔවුන් නිරෝධායන කිරීමටත් පියවර ගෙන ඇතැයිද ජනත් අබේගුණරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.