ළිඳට වැටුණු අලියා පැය 6 ක මෙහෙයුමකින් ගොඩට ගනී


(නිමල් ජයරත්න)

දිඹුලාගල ගල්තලාව ගම්මානයේ ගෙවත්තක වගා ළිදකට අද( 30) වැටි සිටි වනඅලියෙකු වෙහෙරගල වනජිවි නිලධරින් විසින් පැය 6 ක මෙහෙයුමකින් පසු ගොඩට ගෙන දේවගල රක්ෂිතයට මුදා හැරිමට කටයුතු කලහ.

ළිදට වැටි සිටි වන අලියා ගොඩට ගැනිම සදහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් ජේ.සී.බී. යන්ත්‍රයක් ගෙනවිත් ළිදෙහි කට කැපිමෙන් අනතුරුව එම අලියා ගොඩ ගැනිමට හැකි  වු බව වෙහෙරගල අඩවි ආරක්ෂක ජේ.එම්.යු.ආර්.බී. ආරියසේන මහතා සදහන් කලේය.

ගොඩට ගත් වනඅලියාට ළිදෙහි ගල්වැටි සුලුතුවාල සිදු වි ඇති අතර ඊට ප්‍රතිකාර කළ බවත් අලියාගේ වයස අවුරුදු 25 ක් පමණ බවත් ආරියසේන මහතා වැඩි දුරටත් පැවසිය.

අලියා ගොඩට ගැනිමට පෙර ශබ්දවිකාශන යන්ත්‍ර භාවිතා කරමින් ගම්මුන් දැනුවත් කළද ගොඩට ගත් අලියා කලබලයට පත්ව දිව යාම සමඟ ගැමියෝද නොසන්සුන් වූහ.

පසුව පැමිණ සිටි වනජිවි නිලධාරින් අහසට වෙඩිතබා අලි වෙඩිද පත්තුකර පාලනය කරගත් අලියා දේවගල රක්ෂිතයට පලවා හැරීමට කටයුතු කළේය.