ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් හමුවේ


(කේ. බුද්ධික කුමාරසිරි සහ පි‍්‍රයන්ත ජයලත්) 
 
හෝමාගම පිහිටි ආපන ශාලාවක් පිටුපස ළිඳක තිබී පුද්ගල මළ සිරුරක් අද (24) උදෑසන හමු වූ බව හෝමාගම පොලිසිය පවසයි.
  
මිය ගොස් ඇත්තේ එම ළිඳ අසළ තිබූ ආපන ශාලාවේම රැකියාවේ නිරතව සිටි පන්නල ඇළඹඩගම ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 42 හැවිරිදි මොහොමඞ් අබ්දුල්ලා නමැති පුද්ගලයෙකි.  
 
එම ආපන ශාලාවේ සේවකයෙකු මළ සිරුර ළිඳ තුළ තිබෙනු දැක ඒ බව හෝමාගම පොලිසියට පවසා ඇත.

කිසිවෙකු එම පුද්ගලයාව ඝාතනය කර ළිඳට දැමුවාද නැතහොත් ළිඳට වැටී මිය ගියාද යන්න සැකසහිත බවද ඒ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බවද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් හා නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් එක්ව පරීක්ෂණ ආරම්භ කර ඇත.

මරණය සම්බන්ධව මහේස්ත‍්‍රාත් පරීක්ෂණයක් ද පැවැත්වීමට නියමිතය.