ළමා අපයෝජකයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවුණැයි උද්ඝෝෂණයක්


(විජේරත්න රත්නායක)
                 

බාලවයස්කාර දැරියක අපයෝජනය කළ පුද්ගලයකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවූ බව පවසමින් අද(18) බණ්ඩාරවෙල පොලිසිය ආසන්නයේදී ප්‍රදේශවාසීහු විරෝධයක නිරතවූහ.
 
බණ්ඩාරවෙල උඩපේරුව ප්‍රදේශයේ 67 හැවිරිදි පදිංචිකරුවෙකු වන අදාළ සැකකරු මාසයකට පමණ පෙර එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 12 ක දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය නිසි පරිදි නීතිය ඉටු නොකළ බවට උද්ඝෝෂකයෝ එහිදී චෝදනා කළහ.
                 
මේ සම්බන්ධයෙන් විමසීමේදී බණ්ඩාරවෙල පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ එම සිද්ධියට අදාළව දෙසැම්බර් 03 වැනි දින පොලීසියට ලැබුණු පැමිණිල්ල මත04 වැනි දින සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ නියෝගය මත සැකකරු දින14 කට රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බවයි.
 
එහෙත් දෙසැම්බර් 16 වැනි දින යළිත් ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණය මගින් සැකකරුට ඇප ලබාදුන් බවත් අවශ්‍ය නීතිමය කටයුතු ඉදිරියටත් ක්‍රියාත්මක වන බවත් පොලීසියෙන් කිසිදු ප්‍රමාදයක් සිදුනොතළ බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.