හෝර්ටන්තැන්නට ගිනි දැල්වීමේ උපකරණ ගෙනගියාට දඩ


(ශාන්ත චන්ද්‍රසිරි)
 
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයට ගිනි දැල්වීමේ උපකරණ රැගෙන යාම හා  වනෝද්‍යානයේ සතුන් බෝවන ස්ථානයකට  හානි වන ලෙස  හැසිරීම යන චෝදනාවන්ට වරද පිළිගත් පුද්ගලයෙකුට රුපියල් 40,000 ක දඩ මුදලක් ගෙවන  ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද (09) නියෝග කළේය.

එක් චෝදනාවකට රුපියල් 20,000 බැගින් චෝදනා දෙක සඳහා රුපියල් 40,000 ක දඩ මුදලක්  ගෙවීමට නියම කෙරිණි.

දඩ හමුදල ගෙවීමට නියම වුයේ කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුටය.
 
හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ නියෝජ්‍ය භාරකරු ටී. පී. දයාරත්න මහතා සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි.