හෝමාගම අධිකරණයේදී පළා යාමට තැත් කළ සැකකරු අල්ලයි


(ශාන්ත කුලරත්න)

අපරාධ රැසකට චෝදනා ලැබ සිටින සැකකරුවකු අද(28) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේ දී පළා යාමට තැත් කරද්දී බන්ධනාගාර හා පොලිස් නිලධාරීන් එක්ව ඔහු අල්ලාගෙන ඇතැයි පොලිසිය පවසයි.

හෝමාගම පොලිස් වසමේ දේපළ සොරා ගැනීමකට සැකපිට ඔහු අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ සිටියදී සැකකරුවන් රඳවා සිටින කූඩුවේ රඳවා සිටියදී ඉන් පැන පළා යද්දී මොහු අත්අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේ දී බන්ධනාගාර නිලධාරියකු ඔහුට වෙඩි තබා ඇතත් ඉන් කිසිවකුට හානියක් වී නැති බවත් පොලිසිය කියයි.

වෙනත් සැකකරුවකුට එළියට ඒම සඳහා කූඩුවේ දොර විවෘත කිරීමේ දී ඔහු පළා ගොස් ඇති අතර සැකකරු කොළඹ, ගම්පහ, කළුතර සහ රත්නපුර ඇතුළු ප්‍රදේශ රැසක නිවාස බිඳ දේපළ සොරාගැනීම් සම්බන්ධයෙන් නමගිය සැකකරුවකු බව ද පොලිසිය පවසයි.