ඉන්දිකා රාමනායක
දික්වැල්ල බතීගම ප්‍රදේශයේ හෝටලයක නාන කාමරයක් තුළ මත්කුඩු පැකට් කරමින් සිටී සිටි පුද්ගලයකු රුපියල් ලක්ෂ 1 1/2 ට ආසන්න වටිනාකමකින් යුත් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙම මත් කුඩු ජාවාරම සම්බන්ධයෙන් විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත.
වැටලීම සිදුකරන අවස්ථාවේ දී සැකකරු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 123ක්, විද්‍යුත් තරාදියක්, ජංගම දුරකථන දෙකක් තිබූ බව විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 25හැවිරිදි තරුණයකු වන අතර ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා දික්වැල්ල පොලිසියට බාර දී ඇත.