හොරෙන් ජලය ගත් දඩය ගෙවන්න සති දෙකක්


 ( ජයන්ත සමරකෝන් )
කොළඹ නගරයේ ප්‍රධාන පෙළේ  ඉදිකිරිම්   කටයුතුවල නිරතව සිටින   මහා පරිමාණ  දේශිය  ඉදිකිරිම් සමාගමක්  වසර දෙකකට  අධික කාලයක් තිස්සේ හොරොන් ජලය ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන්   මෙතෙක් ගෙවා නොමැති  රුපියල් ලක්ෂ 36 ක දඩය සති දෙකක් ඇතුළත ගෙවීමට කොළඹ බටහිර නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී  කාර්යාලය මගින් නිවේදනයක් නිකුත් කර තිබේ.
 
 ඒ අනුව සති දෙකක් ඇතුළත එම දඩ මුදල නොගෙවන්නේනම්  අධිකරණයට දැනුම් දී නීතීමය කටයුතු කරන බව  අනවසර ජල වැටලීම් අංශය  පවසයි.
 
පසුගිය  වසරේ දෙසැම්බර්  31  වැනිදා  කොළඹ අනවසර ජල වැටලීම් අංශයෙන් මෙම දඩය ගෙවන ලෙස නියම කර  තිබුණද , එම දඩ මුදල අඩු කර දෙන ලෙසට එම සමාගම  විසින් ජාතික ජල සම්පාදන මණ්ඩලයට  අභියාචනාවක්
 
 එම  අභියාචනය සළකා බැලු කොළඹ බටහිර නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී  කාර්යාලය මගින්  එම දඩය සති දෙකක් ඇතුළත ගෙවීමට දැනුම් දී ඇතැයි  එහි නිලධාරීයෙක් පැවසීය.