(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල චීන කොටුව ප්‍රදේශය හරහා සංචරණ නීති උල්ලංඝනය කරමින් නීති විරෝධීව තීරුබදු රහිතව මෙරටට ආනයනය කරන ලද රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා විදෙස් දුම්වැටි 3000 සමග සැකකරුවෙකු බේරුවල චීන කොටුව ප්‍රදේශයේ අද (9) තොරතුරක් මත අත්අඩංගුවට ගත් බව අලුත්ගම ගාලු පාරේ පොලිස් අපරාධ කොට්ඨාසයේ උසස් නිළධාරියෙකු පැවසීය .
47හැවිරදි සැකකාර පුද්ගලයා කලක සිට මෙම ජාවාරම සිදු කර සිල්ලරට දුම්වැටි අලෙවි කරන කුඩා වෙළඳසැල් වෙත තොග වශයෙන් ලබා දෙන්නකු බවත් විමර්ශන සිදුකරන පොලිස් නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ .
මෙලෙස නීති විරෝධී විදෙස් දුම්වැටි අලෙවි කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී පොලිසියට හසුව පුද්ගලයකු බවත් අත්අඩංගුවට පත් සැකකරු නඩු භාණ්ඩ සමග බේරුවල පොලිසිය ට බාරදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .