හොරෙන් ගව ප්‍රවාහනය කළ අයෙක් අල්ලයි



 
 
හිරාන් ප්‍රියංකර ජයසිංහ
    
බලපත්‍ර නොමැතිව ගවයින් හය දෙනෙකු හිංසාකාරි අයුරින් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමඟ සැකකරුවකු අද (20) අත්අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය පවසයි.


කරුවලගස්වැව පොලිසියේ නිළධාරින් කණ්ඩායමක් තබ්බෝව කුඩාවැව ප්‍රදේශ‍යේ දී කළ වැටලීමක දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.  


පුත්තලම මනගුණ්ඩුව ගව ඝාතකාගාරයට නිති විරෝධි ආකාරයෙන් බලපත්‍ර නොමැතිව රැගෙන යමින් සිටි ගවයින් හය දෙනෙකු බව වැටලීමට එක් වු නිලධරයෝ පවසති. 


මොවුන් ගව ප්‍රවාහනය ජාවාරමක් ලෙස කරගෙන යමින් තිබු බවත් කිසිවකුට සැක නොසිතන ආකාරයෙන් මෙම ගවයින් රැගෙන යාමට ජාවාරම්කරුවන් කටයුතු කර ඇති බවද කියයි.


අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම නගරයේ පදිංචිකරුවකු බවත් මොහු අද (20)  පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.