(ප්‍රසන්න පත්මසිරි)
පස්සර නගරයේ වෙළඳසැළක ව්‍යාජ ලියාපදිංචි සහිත ලේබල් අලවා අලෙවි කිරීමට තිබූ කුළුබඩු පැකට් 1200ක් සමඟ සැකකරුවෙකු අද (27) අත්අඩංගුවට ගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය කියයි.
අත්අඩංගුවට ගත් වෙළඳසැලේ තිබුණ මාදුරු,උළුහාල්,සෝදුරු,අඹ,කොත්තමල්ලී ඇතුළු වියළි ආහාර ද්‍රව්‍ය පැකට් සමඟ වෙළඳසැල් හිමිකරු සමඟ පස්සර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

