හොර සිගරට් ළඟ තබාගත් දෙදෙනෙකු අත් අඩංගුවට


(විජේරත්න රත්නායක )

නීති විරෝධී ලෙස තීරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද බවට සැකකෙරෙන විදේශීය සිගරට් ළඟ තබගැනීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු බුත්තල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගත්බව මැදගම පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු තොරතුරක් මත මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ විදේශීය සිගරට් 104 ක් ළඟ තබාගෙන සිටි බුත්තල ගැමුණුගම ප්‍රදේශයේ වෙළඳසැල් හිමියෙකු සහ විදේශීය සිගරට් 15 ක් සන්තකයේ තබාගෙන සිටි බුත්තල කුඩාඔය බුරුත හන්දියේ වෙළඳසැල් හිමියෙකි.

මැදගම පොලිසියේ දිසා දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චානක විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් අදාළ වැටලීම සිදුකොට සැකකරුවන් හා භාණ්ඩ බුත්තල පොලීසිය වෙත භාරදී ඇති අතර සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බුත්තල පොලීසිය පියවර ගෙන තිබේ.