හෙරොයින් සැකකරු පොලීසිය දැක අත දරුවා කැලයට විසිකර පලා යයි


ප්‍රියානි මංගලිකා

ඇඳිරිනීතිය මැද හෙරොයින් මත්කුඩු  අලවිකරන බවට වූ සැකකරු අත්අඩංගුවට ගැණීමට පොලිස් නිලධාරීන් ගිය අවස්ථාවේ ,කුඩා දරුවෙකු සමග පාපැදියකින් යමින් සිටි සැකකරු පොලීසිය දැක  අවුරුදු දෙකක් පමණ වූ කුඩා දරුවා පාර අයිනට විසිකර දමා ,පාපැදියද පෙරලා දමා ,කැලෑවකට වැද 19 දහවල් පලාගොස් ඇතැයි පොලීසිය පවසයි.

පියා විසින් මහ මගට විසිකර දැමූ දරුවා පොලීසියට රුගෙන ආ බවද ,දරුවාට අනතුරක් සිදුව නොමැති බවද ,දරුවා.බෙහෙවින් බය වීම නිසා දරුවාගේ හැඬීම නවත්වා ගැණීමට  පොලිස් නිලධාරීන් මහත් වෙහෙසක් දරණ අයුරුද දක්නට ලැබුණි.            

මෙම සිද්ධිය වන අවස්ථාවේ දරුවාගේ මව රෝහලේ ගැබිණි සායනයකට ගොස් සිට ඇතිඅතර ,දරුවා නොමැති බවට හඬා වැටෙමින් මව පොලීසියට පැමිණ ,පසුව දරුවා බාර ගැණිනි.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැණීම සඳහා මෙහෙයුම් අැරඹූ බවද පොලීසිය සඳහන් කරයි

නිකවැරටිය කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒකකය සිද්ධිය පිළිබඳව  වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.