(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දමන පොලිස් බල ප්‍රදේශයේ නිව්ගුන කොලතාවල හන්දිය පොලිස් මාර්ග බාධකයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය රැගෙන ගිය තරුණ යුවළක් අත්අඩංගුවට ගත් බව දමන පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් මෙම යුවළ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පදිංචි විවාහක යුවළක් වනබව පොලිසිය පැවසීය.
සියඹලාණ්ඩුවේ සිට යතුරු පැදියකින් පැමිණි මෙම යුවළ මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් ප්‍රශ්න කරන අවස්ථාවේ දී ආයුර්වේද ප්‍රතිකාර ගැනීම සඳහා අක්කරපත්තුවට යන බව ප්‍රකාශ කර තිබේ.
පොලිස් මාර්ග බාධකයේ සේවය කළ පොලිස් කාන්තාවක් මෙම තරුණියගේ උදර ප්‍රදේශයේ ගෙඩියක් වැනි දෙයක් දැක ඒ ගැන සැක සිතී පරීක්ෂා කළ අතර එහිදී සඟවා ගෙන තිබු කුඩාවට සකස් කරන ලද හොරොයින් පැකට් 11 ක් සොයා ගෙන තිබේ.
පසුව මෙම යුවළ සහ ඔවුන් පැමිණි යතුරු පැදිය අත්අඩංගුවට ගෙන දමන පොලිස් ස්ථානයට ගෙනවිත් තිබේ.
පසුව පොලිස් නිලධාරීන් විසින් කරන ප්‍රශ්න කිරීම් වලදී ස්ථාන කිහිපයක දමා තිබූ තවත් හෙරොයින් පැකට් කිහිපයක් සොයා ගැනීමට පොලිස් නිලධාරීන් සමත්ව තිබේ.