හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට


(  සිතුම් චතුරංග)

වවුනියාව සිට කැබිතිගොල්ලෑව ප්‍රදේශයට හෙරෝයින් ප්‍රවාහනය කරමින් සිටි සිවිල් ආරක්ෂක භටයකු අද (14) සවස වවුනියාව , මඩුකන්ද  ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි.
 
හොරෝයින් ජාවාරමක් සම්බන්ධයෙන් වවුනියාව ගුවන් හමුදාව වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත වවුනියාව විෂමත්ද්‍රව්‍ය ඒකකය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු හා හෙරෝයින් ප්‍රවාහනය කළ ත්‍රීරෝදරථය අත්අඩංගුවටගත් බව පොලිසිය පැවසීය.
 
සැකකරු දීර්ඝ කාලයක සිට විවිද ප්‍රදේශවෙත අලෙවිකිරීම සඳහා හෙරෝයින් ප්‍රවාහනය කොට ඇතිබවට තොරතුරු අනාවරණයවූ බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූයේ සැකකරුවෙත අලෙවිකිරීම සඳහා හෙරෝයින් ලැබුණේ කෙසේද යන්න මෙතෙක් අනාවරණය නොවූ බවත් ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කොට ඇති බවත්ය.

සැකකරු වවුනියාව , ඇටඹගස්කඩ ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයකු වේ.