හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කළ 2 ක් අත්අඩංගුවට


(ප්‍රියානි මංගලිකා)

මෝටර් රථයකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මුදල් සහ වෙනත් රථවාහන අංක තහඩු දෙකක් සමඟ අද (11) කොබෙයිගනේදී අත්අඩංගුවට ගත්බව පොලිසිය පවසයි.

යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලේබලය සහිත වාහනයකින් මෙම හෙරොයින් ප්‍රවාහනය කර ඇති බව පොලිසිය පැවසීය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුවන් සතුව රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 85 ක් සහ රුපියල් 85,000 ක මුදලක් ද තිබූ බව පොලිසිය කීය.

පන්නල ප්‍රදේශයේ සිට මත්කුඩු රැගෙනවිත් අතරමගදී බෙදාහැර ඇති බවත් මෙම මත්කුඩු ජාවාරම වාරියපොල බන්ධනාගාරයේ සිටින රැඳවියෙකු විසින් මෙහෙයවා ඇති බවත් පොලිසිය පැවසීය.

සැකකරුවන් වාරියපොල අවුලේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් නිකවැරටිය ,කොබෙයිගනේ සහ වාරියපොල ප්‍රදේශ වලට මත්කුඩු බෙදා හැරීමට සැකකරුවන් සූදානමින් සිට ඇති බවත් පොලිසිය සඳහන් කළේය.