හෙට හෝමාගම ප්‍රදේශ කිහිපයකට පැය 10ක් වතුර කපයි


හෝමාගම ප්‍රදේශ කිහිපයකට හෙට (19) රාත්‍රී 9.00 සිට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියයි.

ඒ අනුව, හෝමාගම, පන්නිපිටිය, මත්තේගොඩ සහ පෙලන්වත්ත යන පෙදෙස්වලට සිකුරාදා(20) පෙරවරු 7.00 වන තුරු ජල සැපයුම අත්හිටුවනු ලැබේ.

සංවර්ධන කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බවද ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් පවසයි.