(ඩී.ජී.සුගතපාල)
කොරෝනා වයිරසය පැතිර යාමේ අවදානම නිසා මෙම මස 24 වැනි දින සිට අප්‍රේල් මස 12 දක්වා පැවැත්විමට නියමිත හිනිදුම කල්වාරි දේවස්ථානයේ වාර්ෂික උත්සවය නතර කිරිමට පියවර ගන්නා ලෙස ප්‍රදේශවාසීන් දේවස්ථානය බාර දේවගැතිවරයාගෙන් ඉල්ලා තිබේ.
මෙම උත්සවයට දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන බැවින් මෙවර පමණක් උත්සවය නතර කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බැතිමතුන් පවසන්නේ, මේ හේතුවෙන් කිසියම් ගැටුම්කාරි තත්වයක් ඇතිවිය හැකි නිසාවෙනි.
කෙසේවෙතත් මෙය රාජ්‍ය උත්සවයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නිසා ගතයුතු ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ සහ අගරදගුරු හිමිපාණන් ඇතුලු දෙවස්ථානයේ දේවගැතිවරුන්ගේද ප්‍රධානත්වයෙන් අද (14) සවස සාකච්ඡාවක් පැවැත්විමට නියමිතව ඇත.