
(ඉන්දික අරැණ කුමාර)
වසර ගනනාවකට පසු බකමූණ ප්‍රදේශයට කඩා වැදුනු වන අලි රංචුවක් නිවාස හා වගා රැසකට හානි පමුණුවා ඇතැයි ප්‍රදේශවාසිහු කියා සිටිති.
පසුගියදා (09) රාත්‍රියේ බකමූණ නගරය ආසන්න ගම්මාන කිහිපයකටම ඇතුළුවී ඇති මෙම වන රංචු ප්‍රදේශයේ නිවසකටද පහර දී ඇතැයි බකමූණ - ටැක් 08 ප්‍රදේශයේ ගොවිහු කියා සිටිති.
මින්නේරිය - ගිරිතලේ සොභා රක්ෂිතයෙන් හා අඹන් ගඟ ඔස්සේ මෙම වන අලි පැමිණ ඇති බවද ඔවුහු කියා සිටිති.
බකමූණ ප්‍රදේශයේ කෙසෙල්, පොල් හා මඤ්ඤොක්කා වගාවන්ටද වන අලි හානි කර ඇති බව ගොවිහූ කියා සිටිති.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ බකමූණ - ටැක් 08 ලිපිනයේ පදිංචි කේ.බි. අබේසිංහ මහතා (51) කියා සිටියේ වන අලින් ප්‍රදේශයේ වගා රැසකට හානි සිදුකර ඇති බවයි. වසර ගනනාවක් තිස්සේ ඉතා දුක් මහන්සියෙන් වගා කරගත් සිය වගාවන් වන අලින්ට දන් දීමට සිදුවීම කණගාටුවට කරැණක් බව ද හෙතම කියා සිටියේය.
මේ අතර වී ගබඩාකර තිබු නිසකට වන අලියෙකු පහර දී එහි බිත්ති පෙරලා ගබඩා කර තැබු වීද විනාශ කර ඇති බවද හෙතෙම කියා සිටියේය.
බකමූණ ප්‍රදේශයට සිදුව ඇති වන අලි හානි සම්බන්ධයෙන් කළාප භාර වනජීවි කාර් යාලයෙන්ද විමසීමක් කළ අතර එහිදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ බකමූණ ඇතුළු ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වන අලි තරජන සම්බන්ධයෙන් සිය දෙපාර්ථමේන්තුව ක්‍රියාත්මක වී ඇති බවත්, ප්‍රශ්න ගත වන අලි අදාල ප්‍රදේශ වලින් පලවා හැරිමට කඩිනමින් පියවර ගන්නා බවත්ය.

