(ක.ග. කරුණාරත්න)
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මින්නේරිය ආසන සංවිධායක චන්ද්‍රසිරි සූරියආරච්චි මහතාට අයත් පොළොන්නරුව, නවනගරය, 2 ඇළ නිවසේ තිබී ලක්ෂ 25 ක පමණ ස්වර්ණාභරණ අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අද (16) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය කියයි.
සැකකරුවන් කුරුණෑගල, නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.
මොවුහු සූරියආරච්චි මහතාගේ නිවසේ පසුගිය දිනක පැවති ශාන්තිකර්මයක් සඳහා පැමිණි යකැදුරන් පිරිසක් බව පොලිසිය කියයි.
නිවසේ තිබූ රන් ආභරණ අතුරුදන් වී ඇති බවට පොළොන්නරුව පොලිසියට ඊයේ (15) පැමිණිලි ලැබී තිබිණි.
පොළොන්නරුව පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

