(ඩබ්. ඒ. පියතිලක)
හිඟුරක්ගොඩ ප්‍රදේශීය සභාවට අයත් කසළ, මින්නේරිය රොටවැවට සහ කවුඩුල්ල වැවට බැහැර නොකරන ලෙස ඉල්ලා අද (03) අයිතීන් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ සමාජිකයෝ විරෝධතාවයක නිරත වූහ.
හිඟුරක්ගොඩ නගරයේ සිට පාගමනින් ප්‍රදේශීය සභාවට පැමිණි පිරිස මින් ඉදිරියට එහි කසළ නොදමන ලෙසද, එහි කසළ දැමීමට නැවත පැමිණුනොත් තමන් ඊට ඉඩනොදෙන බවද, හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පැවසූහ.
ප්‍රාදේශීය සභාව එම ස්ථානයට කුණු නොදමන බවත්, නොදිරන ඒවා පමණක් එහි ගෙන ගොස් පුළුස්සා දමන බවත්, දිරන කසළ සියල්ල ලංකාපුරට ගෙන යන බවත් සභාපතිවරයා පැවසීය.
මෙම විරෝධතාවයට 100කට ආසන්න පිරිසක් සහභාගී වී සිටියහ.
හිඟුරක්ගොඩ ප්‍රා. සබේ කසළ රොටවැවට නොදමන්නැයි විරෝධතාවක්
Recommended Articles