හැටන් සමුපකාර සමිතියේ නාම යෝජනා බාරගැනීම අද


(හැටන් සුදත් එච්. එම්. හේවා)   
හැටන් දික්ඔය විවිධ සේවා සමුපකාර සමිතියේ මහ සභා නියෝජිතයන් තෝරා ගැනිම සඳහා පවත්වනු ලබන මැතිවරණයට නාම යෝජනා බාරගැනීම අද (27) දින සිදු කරන ලදී.

එම සමුපකාර සමිතියට අයත් ප්‍රාදේශික 5ක් සදහා එක් ප්‍රාදේශිකයකින් නියෝජිතයන් නව දෙනකු (09) බැගින් නියෝජිතයන් 45  දෙනකු තෝරාගැනිම සඳහා මෙසේ නාමයෝජනා බාරගැනීම සිදුකරන බව එම නාම යෝජනා බාරගැනීමට පැමිණි නිලධාරියකු පවසන ලදී.

ඒ අනුව හැටන් අංක 01, හැටන් අංක 02, හැටන් අංක 03, දික්ඔය හා බගවන්තලාව යන ප්‍රාදේශික 5 තුළදී මෙම නාම යෝජනා බාරගැනීම සිදු කරන ලදී.

මෙම ප්‍රාදේශික 5 සඳහා නියෝජිතයන් තෝරා ගැනිමේ ඡන්දය අගෝස්තු මස 03 වන දින පැවැත්වීමට පියවර ගෙන ඇත.