(රංජිත් රාජපක්ෂ)
කොවිඩ් 19 වෛසරය අසාදනය වු රෝගින් ගණනාවක් හැටන් මහජන වෙළඳපොළ භූමියෙන් හමුවීමත් සමග වසා දමා තිබු හැටන් මහජන වෙළඳපොළ භූමියේ වෙළදාම් කටයුතු දින 9 කට පසු අද(04) ආරම්භ විය.
හැටන් දික්ඔය නගර සභාවේ සෞඛ්‍යය අංශ නිලධාරින් විසින් (03) දින එම භූමිය සම්පුර්ණයෙන්ම විෂබීජහරණය කිරීමෙන් අනතුරුව වෙළදසැල් විවෘත කර ව්‍යාපාර කටයුතු ආරම්භ කෙරුණි.
එහි ව්‍යාපාර කටයුතු සිදු කරන සියළුම ව්‍යාපාරිකයන්ට නිරෝධායන රෙගුලාසි සහ උපදෙස් වලට අනුකුලව තම ව්‍යාපාර කටයුතු සිදු කරන ලෙසට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් ව්‍යාපාරිකයන්ට උපදෙස් ලබා දි තිබුණි.
කොවිඩ් 19 වෛසරය අසාදනය වු ප්‍රථම අසාදිතයා හැටන් මහජන වෙළඳපොළ භූමියෙන් හමුවිමෙන් පසු ඔහුගේ ආශ්‍රිතයන් තවත් දස දෙනෙකු හැටන් ප්‍රදේශයෙන් හමු විමත් සමග හැටන් නගරය ඉකුත් මස (27) දින සිට (02) දින දක්වා හුදකලා කර තිබුණි.