(නිශාන්ත කුමාර)
උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇළ දුම්රිය ස්ථානය ආසන්නයේ නිවසක කාමරයක් අද(11 ) ගිලා බැස ඇතැයි හාලිඇළ පොලිසිය කියයි.
සිද්ධිය වන අවස්ථාවේ නිවසේ කිසිවෙකුත් නොසිටි බව අනාවරණය වී ඇත.
හාලිඇළ පොලිසිය කළ දැනුම්දීමක් මත එහි පැමිණි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් විසින් එම ස්ථානය පරීක්ෂා කරනු ලැබූ අතර, ගිලා බැසීමට හේතුව දුම්රිය මාර්ගය ඉදිකරන සමයේ සුදු ජාතිකයින් ඉදිකළ වැසිකිළි වළක වූ ගිලාබැසීමක් බව සඳහන් කර ඇත.
මෑතකදී මෙම නිවස පිහිටි ස්ථානය ආසන්නයෙන් මාර්ගයක කානු පද්ධතියක් ඉදිකිරීමේදී පොළව කැණීම හේතුවෙන්, වැසි ජලය වැසිකිළි වළට ගලා ඒම නිසා ගිලාබැස ඇතැයි එම ආයතනය දැනුම්දුන් බව පොලිසිය කියයි.
නිවාස හිමියන්ට විකල්ප ඉඩමක් කරා යන ලෙස අදාල ආයතනය උපදෙස් ලබා දුන් බවද පොලිසිය පවසයි.