ඔගස්ටින් ප්‍රනාන්දු
අඛණ්ඩ ඇදිරිනීති කාලයක් පනවා ඇති අවස්ථාවේ දි ආර්ථික අතින් අසීරුතාවනට මුහුණ දී සිටින හලාවත නගර සීමාවේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියළි ආහාර සලාකයක් ලබා දීම පිණිස රුපියල් ලක්ෂ 39 ක් අනුමත කර ගත් බව නගර සභාවේ ලේකම් කේ.පී.චන්දන කුමාර මහතා කීය.
නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද ( 1දා ) නගර සභාවේ දි පැවැති මාසික රැස්වීමේ දි මෙම මුදල ඒකමතිව ලබා ගැනීමට අනුමත කර ගත් බවත් කිය.
ඒ අනුව හලාවත නගර සභා බල සීමාවේ පිහිටි ග්‍රාමසේවා වසම් 13 තුළ ජීවත් වන අඩු ආදායම්ලාභින් අතරින් එක් වසමකින් පවුල් 300 බැගින් තෝරා ගෙන එක් පවුලක් වෙත රුපියල් 1000 වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය ආහාර අඩංගු භාණ්ඩ මල්ලක් ලබා දිමට තිරණය කර තිබේ.