හල්දුම්මුල්ලේ ඇළක් අසළ මළ සිරුරක්


(ඩී.කේ.රත්න )

හල්දුම්මුල්ල සොරගුණේ වෑඑළිය ප‍්‍රදේශයේ පෞද්ගලික විදුලි බලාගාරයකට ජලය සපයන ඇළක් අසල තිබී මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (28) උදැසන සොයා ගෙන ඇතයි හල්දුම්මුල්ල පොලීසිය පැවසීය.

හල්දුම්මුල්ල සොරගුණේ වෑඑළිය ප‍්‍රදේශයේ පදිංචි යෝගනාදන් විජේකුමාර් නැමති හතලිස් එක් හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මිය ගොස් තිබේ.

ප‍්‍රදේශවාසියෙකු විසින් පොලිස් හදිසි දුරකථන අංක 119 ලබා දුන් තොරතුරකට අනුව හල්දුම්මුල්ල පොලීසිය විසින් මෙම මළ සිරුර සොයා ගෙන ඇත.

ඇදිරි නීතිය පැවති ඊයේ (27) රාත‍්‍රියේ හල්ලදුම්මුල්ල සොරගුණේ වෑඑළිය පදිංචි පිරිසක් මෙම ප‍්‍රදේශයට මත්පැන් පානය කිරීම සදහා ගොස් තිබෙන අතර එහිදී ඇතිවූ ආරවුලකදී මෙම පුද්ගලයා මරා දමන්නට ඇතයි පොලීසිය සැක කරයි.

බණ්ඩාරවෙල පොලිස් අධිකාරි අතුල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි හල්දුම්මුල්ල පොලීසියේ නිළධාරීහු විසින් මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.