හබරාදූවෙත් නාවික සෙබළු දෙදෙනකු ඇතුළු 23 ක් නිරෝධායනයට


 (සුමතිපාල දීයගහගේ )

හබරාදුව පොලිස් වසමට අයත් යද්දෙහිමුල්ල සහ අමුකොටුව යන ගම්වල පදිංචි නාවික සෙබළුන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුලු 23  දෙනෙකු  ස්වයං නිරෝධායනයට ලක් කර ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
 
 උණවටුන යද්දෙහිමුල්ලේ පදිංචි නාවික සෙබළා සමග පවුලේ  පස් දෙනෙක්ද ඔහුගේ මවගේ නිවසේ හය දෙනෙක් සහ සෙබළාගේ මිතුරෙකුගේ නිවසේ සිව් දෙනෙක්ද ස්වයං නිරෝධායනයට ලක්කර ඇත.
 
මොහු වැලිසර කදවුරේ සිට නිවසට පැමිණි පසු තම මවගේ නිවසට සහ තවත් මිතුරෙකුගේ නිවසට ගොස් ඇති නිසා එම නිවෙස් දෙකේ පදිංචිකරුවන්ද මෙසේ නිරෝධායනයට ලක්කර ඇත.

 මේ අතර පිලාන අමුගොඩ පදිංචි නාවික සෙබළාද වැලිසර කදවුරේ සිට නිවසට පැමිණි පසු සෙබළා සමග තවත් සිවු
දෙනෙක්ද ඔහුගේ සොහොයුරාගේ නිවසේ දෙදෙනක්ද ස්වයං නිරෝධායනයට භාජනය කර තිබේ. තම නිවසට පැමිණි පසු
මොහු සොහොයුරාගේ නිවසටද ගොස් ඇති නිසා එහි පදිංචිකරුවන්ද නිරෝධායනයට යොමු කර තිබේ.