හබරාදූව වෙරළේ මළ සිරුරක්


(ජේ.කේ.එල් චාමින්ද)
 
හබරාදුව වෙරළ තීරයට ගොඩගසා තිබූ පුද්ගල මළ සිරුරක් අද (05) සොයාගත් බව හබරාදුව පොලිසිය පවසයි.
 
මළ සිරුර වයස අවුරුදු 55ක් පමණ වියේ පසුවන පිරිමි පුද්ගලයකුගේ බවත්, නිල් හා දුඹුරු පැහති තිත් වැටුණු අත්කොට කමිසයකින් සැරසී සිට ඇති බවත්, ඔහු කියයි.
 
හබරාදුව හදිසි මරණ පරීක්ෂක කමල් ගාමිණි තිලක මහතාගේ නියෝගයකට අනුව මළ සිරුර හඳුනාගැනීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇත.
 
 පොලිසිය මොහු හඳුනාගැනීම සඳහා මහජන සහය පතයි.