(අංජුල මහික වීරරත්න)

පිට කොටුව මධ්‍යම බස් නැවතුම්පලෙහි දේපල වලට අලාභ හානි සිදු කිරීමට සම්බන්ධයෙන් කැලණියේ පදිංචි අවුරුදු 33ක තරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි.

නවීකරණය කර මහජන පරිහරණය සදහා විවෘත කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලෙහි දේපල වලට අනර්ථය සිදුකර ඇති බවට පිට කොටුව පොලිස් ස්ථානය වෙත එම බස් නැවතුම්පලෙහි සුභ සාධක අංශය විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

සොරකම් කරන ලද දේපල වලින් කොටසක් ද සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගැනුණි.

සිදුව ඇති අනර්ථය සම්බන්දව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් තක්සේරු වාර්තාවක් කැඳවීමට නියමිතව ඇත.