(පාලිත නානායක්කාර)
හපුතලේ නගරයේ අපිරිසිදුව පවත්වාගෙන ගිය හෝටල් තුනකට හා ලේබල් රෙගුලාසි උල්ලංඝනය කළ සිල්ලර වෙළඳසැල් දෙකකට අද ( 27) කළ සෝදිසි මෙහෙයුමකින් පසුව නඩු පැවරූ බව හපුතලේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිලධාරී කාර්යාලය පැවසීය.
හපුතලේ නගරයේ හෝටල් හා සිල්ලර වෙළඳසැල් 38ක් පරීක්ෂා කළ බවත් එහිදී වෙළඳසැල් හා හෝටල් පවිත්‍රව හා නියමිත ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දුන් බවත් හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කීය.
නිවැරදි කර ගැනීමට ප්‍රමාණවත් කාලයක් ලබාදී තිබුණද එය නිවැරදි කර නොගත් හෝටල් තුනකට සහ සිල්ලර වෙළඳසැල් දෙකකට මෙසේ නඩු පවරා තිබේ.
පෙබරවාරි 11 දින ඔවුන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් උසාවිය හමුවේ පෙනී සිටීමට නියමිතය.
හපුතලේ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජේ. ජී. පතිරණ හපුතලේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන එස් සුදර්ශන්, රෝයි විජේසූරිය, පුබුදු කරුණාරත්න යන මහත්වරු මෙම වැටලීම කළහ.

