( චන්දන ප‍්‍රනාන්දු )
ඉතාලියේ නාපෝලි නගරයේ රැකියාවක නිරතව සිටි ශ‍්‍රි ලාංකිකයෙක් හදිසි අනතුරකින් මියගොස් ඇති බව එරට ආරංචි මාර්ග පවසයි .
මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව බොරලැස්සේ පදිංචි ඩබ් මෙරිල් ශාන්ති නැමති 52 හැවිරිදි තිදරු පියෙකි .
ඉකුත් (18) දා ලේ ගලන තුවාල සහිතව නාපෝලි නගරේ මාර්ගයක වැටි සිටියදි රෝහල් ගත කිරිමෙන් පසු ලාංකිකයා මියගොස් ඇති බව නාපොලි ආරංචි මාර්ග පවසයි .
මියගිය මෙරිල් මහතා වසර 25 ක පමණ කාලයක සිට ඉතාලියේ රැකියාව කරන තම බිරිඳ හා දරුවන් සමග රැකියාවේ නිරත්වෙමින් සිට ඇත.
මෙම මරණය මාර්ගයේ ගමන්ගත් වාහනයක හැපි සිදු වු අනතුරක්ද එසේත් නැතිනම් යම් අයෙකුගේ පහරදීමක් නිසා සිදුවුවක්ද යන්න සොයා බැලිමට නාපෝලි නාගරික පොලිසිය පරික්ෂණ සිදු කරයි.
නාපොලි නගරික විවිධ ස්වදේශික මැර කල්ලි ක‍්‍රියාත්මක වන බවත් එරට ජිවත්වන විදේශිකයන් මෙම කල්ලිවලට නිතරම ප‍්‍රහාරයන්ට ලක්වන බවත් මියගිය තැනැත්තාද එලෙස ප‍්‍රහාරයකට ලක්වුවාද යන්න සොයා පරික්ෂණ සිදු කරන බව එරටින් ලැබෙන ආරංචි මාර්ග පවසයි .

