සෞදි අරාබියේ ගෘහස්ත රැකියා සදහා පැමිණෙන විදේශිකයින් ඉතා කෙටිකලකින් පලාගොස් වැඩි වැටුපකට නීති විරෝධීව රැකියා කිරීමේ හේතු මත එම සේවා යෝජකයා ඇතුළු පවුලේ සාමාජිකයින් ගැටළු රාශියකට මුහුණපාන බව සෞදි පුවත් පත් සඳහන් කරයි.
විශේෂයෙන් ගෘහ සේවිකා සහ ගෘහ රියදුරෝ සෞදි අරාබියට පැමිණ හාම්පුතා යටතේ මාස කිහිපයක් රැකියාව කර හොර රහසේ මෙසේ පලායාම නිසා සෞදි සෞදි ජාතිකයිනට විශාල මුදලක් අහිමිවන අතර විදේශ රැකියා ආයතන ගාස්තු,අනෙකුත් විය හියදම් විශාල ලෙස අහිමි වන බවද කියති.
2013 වසරේ සිට මේ වනවිට ගෘහ සේවක සේවිකාවන් 31700 පලාගොස් ඇති බව ආරක්ෂක අංශ වෙත ලැබී ඇති පැමිණිලි වලින් දැක්වේ,සෞදි බලධාරීන්ගේ ඇස්තමේන්තු අනුව වසරක දී ගෘහ සේවකයන් පලායාමෙන් සෞදි පවුල් වලට සිදුවන පාඩුව සෞදි රියාල් කෝටි 30 (රුපියල් කෝටි 1041.55) පමණ වෙතියි ගණන් බලා ඇත.