සෞදි ගිහින් පනින අය වැඩිලු


සෞදි අරාබියේ ගෘහසේවිකාවන් වැඩි පටුප් සොයා රාමදාන් මාසයේ වෙනත් නිවෙස් වලට පැනයාමේ තර්ජනයක් පවතින බව  සෞදි මාධ්‍ය සදහන් කරයි.
විශේෂයෙන්ම රාමදාන් මාසයේ නිවෙස් වල ඇතිවන කාර්යබහුලත්වය මත ගෘහ සේවිකාවන් සඳහා ලොකු ඉල්ලුමක් පවතින බැවින් මෙසේ පැනයන අතර හේතු ලෙස ඔවුන් පවසනුයේ තමා වැඩකළ නිවසේ ළමයින්ගෙන් සහ ගෙදර වැඩිහිටියන්ගෙන් ලද කරදර සහ අඩම්තේට්ටම් නිසා මෙසේ පැනයන බවයි.

නාගරික ප්‍රදේශ වල සිට බොහෝවිට දුරබැහැර ප්‍රදේශවලට පැනයන  මොවුන් නීති විරෝධීව වැඩි වැටුපකට වැඩකරන බව පවසයි.ඉතා රහසිගතව මෙසේ කාලයක් වැඩකරමින් මව් රටට යාමට අවශ්‍ය වූ විට තම රටේ තානාපති කාර්යාල වලට විවිධ හේතු දක්වා රැකවරණ පතන බවද සදහන් කරයි.
මෙම තත්වය සෞදි නීතිය තදින් උල්ලංඝනය කරන බව පවසන සෞදි රජය අවම වශයෙන් සියයට 20 ප්‍රමාණයක් තම හාම්පුතාගෙන් පලාගොස් වෙනත් නිවෙස් හි වැඩකරන බව පවසයි,සෞදි අරාබියේ අවම වශයෙන් විදේශික ගෘහ සේවිකාවන් දස ලක්ෂයක් පමණ සේවය කරන අතර සෞදි පුරවැසියන් වසරකට ගෘහසේවිකාවන් සදහා ගුවන් ගමන් බලපත්, ගෙන්වීමේ ගාස්තු සහ අනිකුත් පඩිනඩි ගාස්තු සදහා සෞදි රියාල් කෝටි සියයක් (රුපියල් 34723400000 )පමණ වියදම් කරන බවද පවසයි.
බොහෝ රටවල සේවිකාවන් සදහා මේවනවිට අවම වශයෙන් මාසිකව සෞදි රියාල් 1000 (රුපියල් 34723.4 ) ක් පමණ ලැබෙන අතර ඔවුන් පන ගොස් වැඩි වැටුපක් ලබා ගැනීම ප්‍රධාන අරමුණ බවද පවසයි.
සෞදි රජය පවසනුයේ සේවිකාවක් මෙරටට ගෙන්වීමේදී අදාල රටවල් සමග අත්සන් කරනලද ගිවිසුම් කඩකිරීම නීති විරෝධි බවයි