(දිලීප් ජයසේකර)
සිය සේවා හැදුනුම්පත භාවිතා කරමින් තණමල්විල සිට මාතරට කලක් තිස්සේ ගංජා ප්‍රවාහනය කිරීමේ ජාවාරමක නිරත වු මාතර සෞඛ්‍ය වෛද්‍යනිළධාරී කාර්යාලයේ සේවකයෙකු ඇතුලු තිදෙනෙකු කාර් රථයක් සමඟ ලුණුගම්වෙහෙර පොලිසියේ අපරාධ අංශයේ හා දුෂණ මර්ධන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මාතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ සේවයේ නියුතු බව කියන මාතර තෙලිජ්ජවිල පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු,සමගි ජන බලවේගයේ දෙණියාය ආසනයේ පළාත් සභා මංත්‍රිවරයෙකුගේ පුද්ගලික රියෙදුරෙකු බව කියන මාතර තෙලිජ්ජවිල පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු හා ලුණුගම්වෙහෙර උනාතුවැව පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුවන් පිළිබදව ලුණුගම්වෙහෙර පොලිසියට ලද තොරතුරකට අනුව ලුණුගම්වෙහෙර අපරාධ අංශයේ නිළධාරීන් පිරිසක් විසින් ලුණුගම්වෙහෙර උනාතුවැව ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී මාතර සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ සේවයේ නියුතු 33 හැවිරිදි පුද්ගලයා සහ සමගි ජන බලවේගයේ දෙණියාය ආසනයේ පළාත් සභා මංත්‍රිවරයෙකුගේ පුද්ගලික රියෙදුරෙකු වන 31 හැවිරිදි පුද්ගලයා වියළි ගංජා ග්‍රෑම් 400ක් කාර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී ලුණුගම්වෙහෙර උනාතුවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.