සෝලා පැනල වලින් ජනනය කරන විදුලිය සඳහා ලංවීම ගෙවීම් සිදුකර නෑ


(රංජන් කස්තුරි)

වහලය මත සවිකර තිබෙන සෝලාපැනල වලින් ජනනය කරන විදුලිය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය මාස ගණනාවක සිට ගෙවීම් නොකර පැහැර හරිමින් සිටින බවට නිවාස හිමියෝ චෝදනා කරති.

පාරිභෝගිකයින්ට වහලය මත සවිකර ඇති සෝලා පැනලවලින් ජනනය කරන විදුලිය සඳහා මාසිකව ලංකා විදුලිබල මණ්ඩලය ගෙවීම් කළ යුතු බවට ගිවිසුමකට එකඟව තිබෙන බවද ඔවුහු කියති.

එහෙත් විදුලිබල මණ්ඩලය ඉකුත් සැප්තැම්බර් මාසයේ සිට සෝලා විදුලි ජනනය කරන්නට ගෙවීම්කර නැතැයිද එම නිසා බැංකුණය ගෙවාගත නොහැකිව අපහසුතාවයට පත්ව සිටින බවද ඔවුහු කියති.