සෝමාවතිය රක්ෂිතයේ දැව කපා ප්‍රවාහනය කළ දෙදෙනකු අත්අඩංගුවට


 
(ඩබ්. ඒ. පියතිලක)

සෝමාවතිය ජාතික උද්‍යානය අසන්නයේ ඇති රක්ෂිතයක පුද්ගලයින් දෙදනෙකු විසින් විශාල ප්‍රමාණයේ තේක්ක ගස්  කපා ට්‍රැක්ටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදි අද (09) මැදිරිගිරිය දියසෙන්පුර ඉළුක්පිටිය   ප්‍රදේශයෙදි  අත්අඩංගුවට  ගත් බව  මැදිරිගිරිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ  මැදිරිගිරිය,  දියසෙන්පුර ඉළුක්පිටිය ගම්මානයේ පදිංචි කරුවන් දෙදනෙකි. මෙම පුද්ගලයින් කලක පටන් රාත්‍රි කාලයේ සෝමාවතිය ජාතික උද්යානයට අසන්නව ඇති රක්ෂිතයට නිති විරෝධි ලෙස හොර රහසේ ඇතුල්  වි එහි ඇති විශාල වටිනා ගස් කපා ට්‍රැක්ටර් රථවල පටවාගෙන රැගෙන යන බවට ලද තොරතුර අනුව (09) මෙම විශේෂ වැටලිමක් සිදු කර මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය පවසයි.

මෙසේ හොර රහසේ කපා ගන්නා ලද වටිනා දැව රටපුරා සිටින විවිධ තරාතිරම්වල පුද්ගලයන්ට අලෙවි කරන බවට කරුණු අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් දැව තොගය සහ ට්‍රැක්ට්‍රර් රථය ඇතුළු පුද්ගලයන් (09) දිනම හිගුරක්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිසිය පවසයි