රොමේෂ් මධුෂංඛ
වව්නියාව සේට්ටිකුලම් ප්‍රදේශයේ කලක සිට ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීතිවිරෝධි මහාපරිමාණ වැලි ජාවාරමක් වටලා සැකකරුවන් පස් දෙනකු අද (27) අත්අඩංගුවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි.
බලපත්‍ර රහිතව කලක සිට ඉතා රහසිගතව පවත්වාගෙන ගොස් ඇති මෙම වැලි ජාවාරම පිළිබඳව සෙට්ටිකුලම් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් විසින් වැලි ප්‍රවාහනය කෙරෙන මාර්ගයේ රැකවල් යොදා සිටියදී මෙම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී වැලි ජාවාරමේ නිරත වූ සැකකරුවන් 5 දෙනෙකු සහ වැලි ප්‍රවාහනය කරන ලද ටිපර් රථ 2 ක් , ට්‍රැක්ටර් 3 ක් පොලිස් බාරයට ගෙන තිබේ.
මෙම නීතිවිරෝධි වැලි ජාවාරම කලක සිට පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් හා වාහන තොගය ද සමඟ වව්නියාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.