අනීෂා මානගේ
කැබ් රථයක් සහ රුපියල් තිස්එක්ලක්ෂ තිස්පන්දහස් පන්සීයක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම සහ විශ්වාසය කඩකිරීම යන චෝදනා යටතේ සූරියවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කර වැඩතහනමට ලක්ව සිටි පොලිස් පරික්ෂකවරයෙක් තංගල්ල විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ 2008 සිට 2010 දක්වා කාලයේ දී සූරියවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාව සිටි රත්නපුර වේරගම උඩුකිරිඇල්ල ප්‍රදේශයේ පදිංචි පොලිස් පරික්ෂකවරයෙකි.
දෙහිවල පොලිස් ස්ථානයේ පාලන අංශයේ සේවය කරමින් සිටියදී 2010 වසරේ අගෝස්තු මාසයේදී මෙම නිලධාරියා වැඩ තහනමට ලක්ව ඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (25) හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.