සූරියගොඩ කන්දෙන් මළ සිරුරක් සොයාගනී


(ප්‍රසන්න පත්මසිරි)
 
ලුණුගල සුරියගොඩ කන්දේ තිබී වෙඩි වැදී මියගිය බවට සැකකරන පුද්ගලයෙකුගේ සිරුරක් අද(30) සොයාගත් බව පොලීසිය කියයි.

මියගොස් ඇත්තේ අලකොලගල පදිංචි සිසිර රුවන් කුමාර (28) නැමැත්තෙකි.

පසුගිය 27 දින එම තැනැත්තා තවත් තිදෙනෙකු සමග සුරියගොඩ කඳු ප්‍රදේශයේ සතුන් දඩයමේ ගොස් ඇතැයි අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

ඔහු සමඟ දඩයමේ ගිය අනෙකුත් තිදෙනා ප්‍රදේශයෙන් මේවනවිට අතුරුදන්ව ඇතැයිද, ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද පොලිසිය පවසයි.

සුරියගොඩ කඳු මුදුනේ මළ සිරුර වැටී තිබූ ස්ථානය අසළ ගසකට වෙඩි වැදී තිබෙන බවට සාධක හමු වූ බවද පොලීසිය කියයි.

ලුණුගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.