සුළි සුළඟින් නිකවැරටියේ නිවාස 32 ක් වැනසේ


(ප්‍රියානි මංගලිකා )

නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරහා 19 රාත්‍රියේ හමා ගිය සුලි සුලඟින්  වසම් නවයක නිවාස 32 කට හා ව්‍යාපාරික ස්ථාන තුනකට හානි සිදුව ප්‍රධාන සහ ග්‍රාමීය මාර්ග වල ගස් කඩා වැටීමෙන් ,ගමනා ගමනය ඇන හිට ,විදුලිය බිඳ වැටීම්ද සිදුව ඇති බව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය පවසයි.
            
නිවෙස් කැඩී යාමෙන් ආපදාවට ලක්වූ පිරිස් වලට සහන සලසමින් සිටින බවද ,අලුත් වැඩියාවන් සඳහා මූල්‍යාධාර කඩිනමින් ලබා දීමට පියවර ගන්නා බවද ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා පැවසීය .
           
ගස් කඩා වැටුන මාර්ග වල ගස්  කපා ඉවත් කිරීම් සිදුකරමින් ගමනාගමනය යථා තත්වයට පත් කරමින් සිටින බවද, විදුලිය බිඳ වැටීම් සියල්ල විදුලිබල මණ්ඩලය මගින් යථා තත්වයට පත් කරමින් සිටින බවද ,සුලි සුලං තත්වයෙන් කිසිඳු  පුද්ගල අනතුරක් හෝ ජීවිත හානියක් සිදුව නොමැති.බවද ප්‍රාදේශීය ලේකම් රුවන් ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.