(නිමල කොඩිතුවක්කු)
1990 සුවසැරිය හදිසි ගිලන් රථ සේවය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ඉන්දියානු ප‍්‍රදාන යටතේ උතුරු පළාත ඇතුළු පළාත් 07ක මේ වනවිට එම සේවාව ක‍්‍රියාත්මක වේ.
සබරගමුව හා නැගෙනහිර පළාත්වලද මෙම සේවාව ඉතා ඉක්මණින් ක‍්‍රියාත්මක කරන බව මහ කොමසාරිස් කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමක් මත මෙම හදිසි ගිලන් රථ සේවය 2016 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 7.56ක ඉන්දියානු ප‍්‍රදානයක් යටතේ ආරම්භ විය.
බස්නාහිර සහ දකුණු පළාත්වලින් ආරම්භ කෙරුණු එම සේවය සඳහා ගිලන් රථ 88ක් වසරක් සඳහා මෙහෙයුම් වියදම් සහ හදිසි ප‍්‍රතිචාර මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීම එම ව්‍යාපෘතියට අයත් වේ.
ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයාගේ පොරොන්දුවක් මත මෙම සේවාව දිවයින පුරා ව්‍යාප්ත කිරීමට පියවර ගත් අතර ඒ අනුව පළාත් හත සඳහා ගිලන් රථ 209ක්, වසරක් සඳහා පුහුණු කිරීමේ වියදම් සහ මෙහෙයුම් වියදම් ඇතුළත් ඇමරිකානු ඩොලර් මිලියන 15.02ක අමතර ප‍්‍රදානයක් සිදු කෙරිණ.