සුදුවැල්ල වසා දමන්නැයි ඉල්ලයි: 568 ක් ස්වයං නිරෝධනයට


තිස්ස කොටින්කඩුව

ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා ආසාදනයට ලක්වු පුද්ගලයන් සහ විදෙස් රටවලින් පැමිණ සිටින පුද්ගලයන් සහ ඔවුන් ඇසුරු කළ හා ඔවුන්ගේ නිවෙස් අසල ජීවත්වු පුද්ගලයින් 568 දෙනෙකුට තම නිවෙස් වලම නිරෝධායනයට ලක්කිරීමට කටයුතු කර ඇති බව ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ජේ.ඒ.ඩි.එන්.ජයකොඩි මහතා පැවසීය.

ජාඇල නගර සභා කොටිඨාසයේ මෙිවන විට 216 වු වැඩිම පුද්ගලයින් සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව පැවසු පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරයා කදාන,ඒකල,බටගම,නිවන්දම,දඩුගම,සහ හපුගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක කොටිඨාස වලින් අවම වශයෙන් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තම නිවෙස් වලම ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බව පැවසිය.    

මෙි අතර ඊයේ(6) සවස ජාඇල සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණි දිපා පෙරේරා මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැති විශේෂ රැස්විමකදි ජාඇල නගරාධිපති ශමිමික ඩයස් මහතා පවසා සිටියේ සති තුනක් තුළ කොරෝනා ආසාදිතයන් 6 දෙනෙකු නගර සිමාවෙන් සොයා ගැනිමෙන් පෙනි යන්නේ කොරෝනා වයිරසය ඉදිරියේ ජාඇල ජනතාව දැඩි අවදානමකට පත්ව ඇති බවයි.


නගරයේ පවතින වත්මන් තත්ත්වය කල්පනා කර ඉකුත් දින (5) කොරෝනා ආසාදිතයෙකු හමුවු සුදුවැල්ල වැනි පෙදෙස් වසා දමා සමිපුර්ණයෙන් හුදකලා කළ යුතව ඇති බව තමා ජාතික කොවිඩි 19 සමිබන්ධිකරණ කමිටුවෙන් ඉල්ලා සිටින බව පැවසිය පැවසිය.