(ජයන්ත සමරකෝන්)
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් පොලිස් ස්ථානවල සහයට අනුයුක්ත කරන ලද සිවිල් ආරක්ෂක භටයින් අතරින් 585 ක් එම පොලිසි වෙත ලබාදීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
ඒ අනුව, අදාළ භටයින්ගේ කැමැත්ත - අකැමැත්ත විමසා බලන අණදෙන නිලධාරීන් වෙත දන්වා යවා ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ වන විට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන රාජකාරීන් සඳහා කාන්තා පිරිමි භටයින් 200 ක් අනුයුක්ත කර සිටිති.