තලාව විරෝදාගම ප්‍රාථමික විදුහල පොසොන් පොහොය නිමිත්තෙන් පෙරහරක් පැවැත්වීය.
විදුහල්පති සුමිත් ලියනආරච්චි මහතාගේ මග පෙන්වීමෙන් ගුරු මණ්ඩලය හා මව්පියෝ මෙම වැඩසටහන සංවිධානය කළහ.
තලාව මං සන්ධියෙන් ඇරැඹි පෙරහර කාරියමඩිත්ත හන්දිය ඔස්සේ තලාව ශ්‍රී බෝධිරුඛාරාමයට ගමන් කළේය
මිහින්තලය අම්බස්තලයේ අනුරුවක්ද සම්ප්‍රදායික නැටුම් වලින් ද සිගිති පෙරහර අලංකාර විය.