අනීෂා මානගේ
රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්වූ සිංහල හා ද්‍රවිඩ මිතුරන් දෙදෙනෙකු අද(28) සවස අගුණුකොළපැලැස්ස ආචාරිගම සුසාන භූමියේ එකම වළක මිහිදන් කෙරිණි.
මෙලෙස අවසන් කටයුතු සිදුකෙරුණේ අගුණකොළපැලැස්ස අචාරිගම ප්‍රදේශයේ පදිංචි නාලක ඉරෝෂන්(31) හා ගාල්ල නෙළුව ප්‍රදේශයේ පදිංචි රාජේන්ද්‍ර ශිවකුමාර(19) නම් මිතුරන් දෙදෙනෙකි.
මියගොස් ඇති තරුණයන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ එකම සේවා ස්ථානයක සේවය කළහ. මිතුරන් දෙදෙනා පසුගිය 25 දින යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී රාත්‍රී 11.30ට පමණ අනතුරකට ලක්වී ජීවිතක්ෂයට පත්ව තිබේ.
ද්‍රවිඩ ජාතික තරුණයා දිළිදු පවුලක තරුණයෙකු වන අතර ජීවිතක්ෂයට පත්වූ මිතුරන් දෙදෙනාගේ අවසන් කටයුතු එකම දිනයේ එකම සුසාන භූමියේදී සිදුකිරීමට ඥාතීන් තීරණය කර තිබේ.
අගුණුකොළපැලැස්ස ආචාරිගම නිවසේ තැන්පත් කර තිබූ මිතුරන් දෙදෙනාගේ දේහයන් අද සවස ආචාරිගම සුසාන භූමියේදී එකම වළක මිහිදන් කෙරිණි. තවද මිය ගිය මිතුරන් දෙදෙනාට පින්පතා පවුලේ ඥාතීන් විසින් මතක වස්ත්‍ර පූජා කර පැන්වැඩීමද සිදුකරනු ලැබීය. මේ සදහා මිතුරන් දෙදෙනාගේම පවුලේ ඥාතීහු සහභාගී වූහ.