(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
සැමියාට පිහියෙන් ඇන බරපතල තුවාල කළ කාන්තාවක අගෝස්තු 1වැනිදා දක්වනා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු ජයරුවන් දිසානායක මහතා අද(24) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ බලන්ගොඩ මොරහැර කුඔල්මුල්ල ප්‍රදේශයේ පදිංචි දියලවත්ත දෙරේලාගේ අනුලාවතී නැමති 39 හැවිරිදි කාන්තාවකි.
ඉකුත් 15 වැනිදා සැමියාගේ පපුවට පිහියෙන් ඇන දින නවයක් සැගව සිටි සැකකාරිය අද (24) දා බලන්ගොඩ පොලිසියට භාර වී ඇති අතර, පොලිසිය විසින් එම කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.