සැමියා බිරියගේ ගෙලට පිහියකින් පහර දීලා


(දිලීප් ජයසේකර)

හම්බන්තොට බදගිරිය ප්‍රදේශයේ අඹු සැමි යුවලක් අතර ඇති වු බහින් බස් වීමක් දුරදිග ගොස් අද (03) දහවල් සැමියා විසින් බිරියගේ ගෙලට පිහියකින් පහරදී  බරපතළ තුවාල සිදුකර ඇතැයි හම්බන්තොට පොලිසිය පවසයි.
 
මෙලෙස බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත්  කර ඇත්තේ හම්බන්තොට බදගිරිය ප්‍රදේශයේ පදිංචි දෙදරු මවත් වන 37 හැවිරිදි
කාන්තාවකි.
 
අද (03) දහවල් තුවාල ලබා සිටින කාන්තාවගේ සැමියා අධික ලෙස බිමත්ව නිවසට පැමිණ ඇති අතර එම අවස්ථාවේදී ගෙදර ඇති අගහිගකම් පිළිබදව දෙදෙනා අතර බහින් බස් විමක් ඇති වි තිබේ.
 
පසුව එය දුරදිග ගොස් බිමතින් සිට ඇති 42 හැවිරිදි සැමියා පිහියකින් බිරිදගේ ගෙල ප්‍රදේශයට පහර දි තිබේ.
 
තුවාල ලැබු කාන්තාවගේ විලාප හඩ ඇසි අසල්වැසියන් එහි පැමිණ ඇති අතර ඔවුන් විසින් 1990 ගිලන් රථයක් ගෙන්වා තුවාල ලබා සිටි කාන්තාව ප්‍රථිකාර සදහා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.
 
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර සැමියා අත්අඩංගුවට ගැනිම සදහා හම්බන්තොට මුල්ස්ථාන පොලිසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.