සැඩ පහරට හසුව ගසාගෙන ගිය අයෙක්ගේ මළ සිරුරක් හමුවෙයි


(ප්‍රසන්න පත්මසිරි)

මැදගම දඹගල්ල මාර්ගයේ මන්දප්පම් ඔයේ සැර පහරකට හසුව ගසාගෙන ගිය අයකුගේ මළ සිරුරක් අද  (03)  උදේ සොයාගත් බව පොලීසිය කියයි.

දඹගල්ල පදිංචි ජී.එම්. ආරියපාල යන අය මෙසේ මිය ගොස් තිබේ.

මොහු ඉකුත් 1 දින සවස මන්දප්පම් ඔයේ දිය නෑමට ගොස් ඇති බවත් නැවත නිවසට නොපැමිණි බවට පොලීසිය ලැබුණු පැමිණිල්ලක් මත කළ සෝදිසියකදී  දිය නෑ ස්ථානයට මීටර් 200ක් පමණ දුරක තිබී මළ සිරුර සොයාගෙන තිබෙන බව පොලීසිය කියයි.

මැදගම වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චානක විජේරත්න මහතාගේ උපදෙස් පරිදි නිලධාරින් මෙම මරණය පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.