(හිඟුරක්ගොඩ - ඩබ් ඒ පියතිලක)
කතානායකවරයාගේ ක්‍රියා කලාපයට විරෝධය පලකරමින් සහ වත්මන් ආණ්ඩුවටත් ජනාධිපතිවරයාටත් රට පාලනය කිරිමට ඇති බාධක ඉවත් යන ලෙස පවසමින් ් ඇළහැර සහ හිගුරක්ගොඩ ශාසන ආරක්ෂක බලමංඩල වල ස්වාමින් වහන්සේලා පිරිසක් (24) දින පස්වරුවෙි ගිරිතලේ වැව අසබඩ පිහිටි අවුකන බුදුරුව අසල සත්‍යයග්‍රහයක නිරත වුහ.
මෙම සත්‍යයග්‍රහය සඳහා හිගුරක්ගොඩ සහ ඇළහැර ප්‍රදේශයේ නායක ස්වාමින් වහන්සේලා ඇතුඑ හිමිවරු 50ක් පමණ සහභාගි වි සිටියහ. ස්වාමින් වහන්සේලා සත්‍යග්‍රාහනයේ යෙදමින් පවසා සිටියේ වත්මන් ආණුඩුවට ඇතුඑ ජනාධිපතිවරයාට රට පාලනය කිරිමට නොදි පාර්ලි්මෙින්තු කථානයක ඇතුඑ විපක්ෂයේ පිරිස විසින් සිදු කරන බාධක ඉවත් වි රටෙි ජනතාවට සේවය කිරිමටත් පාර්ලිමෙින්තුව විසුරුවා හැරලිමටත් බුදු ගූණ බලයෙන් දෙස් විදේස් සියලු සතුරු බලවෙිග දුරු වෙිවායි පවසමින් පැය දෙකක පමන සත්‍යග්‍රාහණයේ පැය දෙකක පමණ කාලයක් නිරත වි සිට විසිර ගියහ. මෙි සදහා පොදුජන පෙරමුණේ සහ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ උතුරු මැද පළාතේ පළාත් සභාවෙි හිටපු මැතිඇමැතිවරු මන්ත්‍රිවරු සහ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරු ප්‍රදේශවාසීහු සහභාගි වි සිටියහ.